පහේ හපනුන් වෙනුවෙන්ම වෙන්වූ එකම සිංහල බ්ලොග් අඩවිය

බිළාල පවුලේ බිහිසුම සාමාජිකයාගේ විශේෂ තොරතුරු

0 comments


බිළාල පවුලේ බිහිසුම සාමාජිකයා ලෙස ව්‍යාඝ්‍රයා හඳුන්වාදීමට පිළිවන. එම පවුලේම සාමාජිකයන් වන කොටියන්ගේ හා දිවියන්ගේ ලක්ෂණ මදක් සමානය. කොටියන් හා දිවියන්ගේ දුඹුරු හෝ රන්වන් පාටට සමාන සමේ කළු පුල්ලි වැටී තිබේ.
නමුත් ව්‍යාඝ්‍රයාගේ රන්වන් පාට සමේ ඇත්තේ කළු ඉරිය. ව්‍යාඝ්‍රයා ඉතා බිහිසුණු සතෙකි. වර්තමානයේ හත් දහසක් පමණ වූ ව්‍යාඝ්‍ර ගහණය ලොව පුරා රටවල් කීපයක පැතිරී ඇත්තේ පහත ආකාරයෙනි.
ඉන්දියාව - 4000ක් පමණ
මලයාසියාව - 600ක් පමණ
ඉන්දුනීසියාව - 500ක් පමණ
රුසියාව - 500ක් පමණ
ඉන්දුචීනය - 400ක් පමණ
තායිලන්තය - 300ක් පමණ
නේපාලය - 300ක් පමණ
බංග්ලාදේශය - 300ක් පමණ
චීනය - 100ක් පමණ
මීට අමතරව ලොව පුරා ඇති සත්වෝද්‍යානවල හා සර්කස් කණ්ඩායම්වල ව්‍යාඝ්‍රයන් 500ක් පමණ ජීවත් වේ.
ව්‍යාඝ්‍ර දෙනක් වරකට එක් පැ‍ටවෙකු හෝ දෙදෙනෙකු බිහි කරයි. ඉතා තියුණු නිය ඇති ව්‍යාඝ්‍රයන් සතුන් මෙන්ම මිනිස් දඩයමටද ශූරයෙකි.
v නැගෙනහිර කොකේෂස් ප්‍රදේශයේ සිට චීනය දක්වාත්, දකුණු නයිබීරියාවේ සිට ජාවා දූපත් දක්වාත් ආසියාව තුළ ව්‍යාඝ්‍රයන් ජීවත් වේ. ලංකාවේ ව්‍යාඝ්‍රයන් නැත.
v උෂ්ණ දේශගුණය සහිත රටවලට පමණක් සීමා නොවන ව්‍යාඝ්‍රයා චීනය හා දකුණු සයිබීරියාව දක්වා උතුරු දිග ප්‍රදේශවල විසිරී සිටී. විශාල ව්‍යාඝ්‍රයන් දක්නට ලැබෙන්නේ ශීත සෘතුවේදී හිම මිදෙන ප්‍රදේශවලය.
v ඉතාම දක්ෂ පිහිසුම්කරුවක බන ව්‍යාඝ්‍රයා එම කුලයේ අනෙක් සතුන්ට වඩා ‍ජලයේ හැසිරීමට කැමැත්තක් දක්වයි.
v ලොව වෙසෙන විශාලම ව්‍යාඝ්‍රයන් අඩි 8ක් පමණ (වලිගය හැර) දිගින් යුතුය.
v සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු ව්‍යාඝ්‍රයකු කිලෝ 225 - 250ක් පමණ බරකින් යුතුය.
v ව්‍යාඝ්‍රයකුට අඩි 15-20දක්වා දුරක් පැනීමට හැකියාව ඇත.
v ව්‍යාඝ්‍රයන් සාමාන්‍යයෙන් ගස් නගින්නන් නොවේ. එහෙත් අවශ්‍ය වූ විටෙක ගසක ඉහළ අත්තකට එක පිම්මට පැනීමට හැකියාව ඇත.
v ව්‍යාඝ්‍රයකු එක් ආහාර වේලකට මස් කිලෝ 30 - 35ක් පමන අනුභව කරයි.
v සත්වෝද්‍යාන හා සත්ව පරීක්ෂණාගාරවල ජීවත වන ව්‍යාඝ්‍රයකුගේ ආයු කාලය වසර 20ක් වේ.
v එකම කුලයට අයත් සිංහයා සහ ව්‍යාඝ්‍රයා ශරීර ප්‍රමාණයෙන් එකිනෙකාට බොහෝ සමානය. එහෙත් හොඳින් වැඩුණු ව්‍යාඝ්‍රයන් සිංහයන්ට වඩා විශාලය.
v සිංහයා තණබිම් හා ළඳු කැලෑවල වෙසෙන අතර ව්‍යාඝ්‍රයා ඝණ වනාන්තරවල වාසය කරයි.
v ව්‍යාඝ්‍රයන් කිසිම විටක සිංහයන් මෙන් රංචු ගැසී වාසය නොකරති. ව්‍යාඝ්‍රයන් වැඩිපුර වෙසෙන්නේ තනිවමය.
v හුදෙකලා දිවියට ප්‍රියකරන බැවින් දෝ සිංහයන් මෙන් ලෙහෙ‍සියෙන් ව්‍යාඝ්‍රයන් හීලෑ කරගත කර ගැනීම අපහසුය.
v ව්‍යාඝ්‍ර පැටවුන් හීලෑ කර ගත හැකි නමුත් වැඩුණු පසු ව්‍යාඝ්‍රයන් බිහිසුණය.
v ව්‍යාඝ්‍ර පැටවුන් තම මවගේ ඇසුරේ සිටින්නේ තනිව දඩයම් කළ හැකි වයසට එළැඹෙන තෙක් පමණි. එහෙත් සිංහයන් තම පවුලේ අය සමග රංචු ගැසී වාසය කිරීමට ප්‍රිය වේ.

Share this article :
අපගේ මම බ්ලොග් අඩවිය ගැන ඔබට දැනෙන දේ අපට කියන්න. එය ඔබට ඉතා හොඳ සේවාවක් සැපයීමට අපට මහත් සවිබලයකි. FB code here
 
Support : Cara Gampang | Creating Website | Johny Template | Mas Templatea | Pusat Promosi
Copyright © 2011. Scholarship.lk - All Rights Reserved
Template Created by Creating Website Modify by CaraGampang.Com
Proudly powered by Blogger