පහේ හපනුන් වෙනුවෙන්ම වෙන්වූ එකම සිංහල බ්ලොග් අඩවිය

චෙක්පත ඇතිවුණේ මෙහෙමයි

0 comments

අද බොහෝ දෙනා මුදල් ගනුදෙනු කරන්නේ චෙක්පත්වලිනි. පුංචි ඔයගොල්ලොත් චෙක්පත් දැකලා ඇති. ඔයාලගේ දෙමාපියන්ද චෙක්පත් ලියනවා ඇති. මුදල්වලින් ගනුදෙනු කිරීමට වඩා චෙක්පත් පාවිච්චිය ආරක්ෂාකාරීයි. එසේම පහසුයි. වැඩි මුදලක් සඳහා චෙක් පතකින් ගෙවීම් කරන්නට කවුරුත් යොමුවන්නේ ඒ නිසයි.
චෙක්පතක් ලියා 'මීට ඔබේ ආදරණීය මිතුරා' කියා දැන් කවුරුත් අත්සන් කරන්නේ නැත. එහෙත් මෙයට අවුරුදු 370කට පමණ පෙර චෙක්පත් ක්‍රමය ආරම්භ වූ කාලයේ ඒ ලෙස ලියන පුරුද්දක් තිබුණි. ඒ කැලෑ බැංකු ක්‍රමය ඇති වූ මුල් කාලයයි.
චෙක් පතේ ආරම්භය ඇති වූයේ එංගලන්තයේදීයි. ඒ 1640 වසර වැනි ඈත අතීතයකදීය. එකල එංගලන්තයේ වෙළෙඳුන් මුදල් තැන්පත් කළේ ලන්ඩන් නුවර පිහිටි ප්‍රධානතම දඟගෙය හෙවත් හිරගෙදර රහස් කාරමයකය.
මේ කාලයේදී එංගලන්තයේ ආධිපත්‍යය දැරූ දෙවැනි චාල්ස් රජතුමාට විශාල මුදල් හිඟයක් ඇති විය. ‍එයින් ගොඩ ඒමට රජතුමා කළේ හිරගෙදර තිබූ මුදල්වලින් රන් පවුම් දෙලක්ෂයක් රාජකීය භාණ්ඩාගාරයට ඇද ගැනීමයි. මේ බව හෙළිවීමෙන් කළබල වූ වෙළෙන්දෝ තම ධනය තන්පත් කිරීමට වෙනත් තැනක් සෙවූහ. එකල රිදී රත්‍රන් බඩු තනන අය පොහොසතුන්ගේ වටිනා මැණික් සහ ස්වර්ණාභරණ  ආරක්ෂා කරදීමට බාර ගත්හ. ඒ සඳහා සුළු ගාස්තුවක්ද අය කළෝය. වෙළෙන්දෝ තම මුදල් ඔවුන් ළඟ තැබීමට පුරුදු වූහ.
ලැබුණු මුදලට කුවිතාන්සියක් දීම සිරිතක් විය. මෙම මුදල් වෙනත් අයෙකුට ගෙවීමට අවශ්‍ය වූ විට අයිතිකරු කුඩා තුණ්ඩු කැබැල්ලක් යැවීය. එහි සඳහන් වූයේ එහි නම සඳහන් තැනැත්තාට යට දැක්වෙන මුදල ගෙවා ණය තීරුවේ සටහන් කරන්න යනුවෙනි. මෙහි අගට අත්සන් කර තිබුණේ "මීට ඔබේ ආදර මිතුරා" යනුවෙනි.
මෙලෙස මුදල් ලබන සහ ගෙවන වේලාවක් ඒ කාලයේ නිශ්චිත ලෙස තිබුණේ නැත. නොයෙක් විට මුදල්දීමට සහ ගැනීමට එන අයගෙන් කරදරයක් වූ විට පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා ආදී වශයෙන් යම් කාලයක් නියම කිරීමට සිදු විය.
මෙලෙස තුණ්ඩු කැබැලි මගින් මුදල් හුවමාරු කර ගැනීම දෙපාර්ශ්වයටම පහසු වූ නිසා ඒ ක්‍රමය වැඩිදියුණු විය. 1700 වසර පමණ වන විට මෙම තුණ්ඩුව පොදු ආකාරයට සකස් කෙරුණු අතර මුදල් අයිතිකරුවන්ට එම තුණ්ඩු සපයන ලදී. මුදල් ගෙවීමට අවශ්‍ය වූ විට එය පුරවා යටින් අත්සන් කර එවීමටද පුරුදු විය. මුදල තැන්පත කළ තැන්තතා ළඟ එම තැන්පත්කරුගේ නම් සහ අත්සන් තබා තිබූ නිසා සොරකම් වංචා සිදු වූයේ නැත. වර්තමානයේ චෙක්පතේ උපත වූයේ එයයි. අද වන විට බැංකු ඇති වී චෙක්පත්වලින් ගෙවීමේ ක්‍රමය බොහෝ දියුණු වී ඇත.


Share this article :
අපගේ මම බ්ලොග් අඩවිය ගැන ඔබට දැනෙන දේ අපට කියන්න. එය ඔබට ඉතා හොඳ සේවාවක් සැපයීමට අපට මහත් සවිබලයකි. FB code here
 
Support : Cara Gampang | Creating Website | Johny Template | Mas Templatea | Pusat Promosi
Copyright © 2011. Scholarship.lk - All Rights Reserved
Template Created by Creating Website Modify by CaraGampang.Com
Proudly powered by Blogger