පරිසරයේම ප්‍රධාන කොටසක් වන සතුන් තම අභියෝග ජය ගනිමින් තම ජීවිතය පවත්වාගෙන යන ආකාරය ඉතාමත් රසවත්ය. ඔවුන්ගේ එම විවිධ චර්යාවන් නිරීක්ෂණය සහ ගවේෂණය කිරීමට සිසුන්ට ඉඩ ප්‍රස්ථාව ලබාදීම මෙම ඒකකයේ අරමුණ වේ.
අප එක් සතෙකු පිළිබඳ පහත පරිදි තොරතුරු රැස් කරමු.
- සත්වයාගේ නම : අලියා
- සතා ජීවත්වන පරිසරය : වනාන්තර
- බහුලව දක්නට ලැබෙන රටවල් : ශ්‍රී ලංකාව, අප්‍රිකාව
- ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන ප්‍රදේශ : හබරණ, යාල, මින්නේරිය, උඩවලව,
- ශරීරයේ ප්‍රමාණය : විශාල
- ශරීර වර්ණය : කළු
- ආහාරයට ගන්නා දේ : තල්, කිතුල්, පොල් ආදී ශාක වර්ග
- එහා මෙහා ගමන් කරන ආකාරය : දිවීම හා ඇවිදීම
- සතාගෙන් මිනිසාට ඇති ප්‍රයෝජන : බර ඇදීම, පෙරහැරේ යාම
- සතාගෙන් මිනිසාට ඇති හානි : වගා පාළු කිරීම, ජීවිත විනාශ කිරීම, දේපොළ විනාශ කිරීම.
- සතුරාගෙන් ආරක්ෂා වන ආකාරය: විපතකදී වලිගය උස්සා දුවයි.
- වර්ගයා බෝවන ආකාරය : පැටවුන් බිහි කිරීමෙන්
සතුන් වර්ග කිරීම
මෙහිදී සතුන් කිහිප ආකාරයකට වර්ග කර දැක්විය හැකිය.
- ගන්නා ආහාර අනුව
- ශරීරයේ ලක්ෂණ අනුව
- එහා මෙහා ගමන් කරන ආකාරය අනුව
- වාසය කරන ස්ථානය අනුව
ඉතින් දුවේ පුතේ ඔබත් මෙවැනි සතෙකු පිළිබඳ තොරතුරු රැස් කරන්න. ඔයා රැස් කරපු තොරතුරු අපිට එවන්න. අපි ඒ තොරතුරු ඔබේ නමින්ම මෙහි පළ කරන්නෙමු.