ගුරුවරයා
ගුරුවරයා කළ යුත්තේ දරුවන්ට ඉගැන්වීම නොවේ. ඉගෙන ගැනීමට සැලැස්වීමයි. විශේෂයෙන් භාෂාව වැනි විෂයක් ඉගැන්වීමේදී දරුවන්ට එය සරල උපක්‍රම මගින් අවබෝධකරදීම ඉතා වැදගත්. භාෂාව ඉගෙන ගැනීම තුළ දරුවන්ගේ සිතීමේ ශක්තිය වර්ධනය වෙනවා. මේ නිසා ගණිතය වැනි අභියෝගාත්මක ගැටලු සැහැල්ලුවෙන් තේරුම් ගැනීමට අවශ්‍ය නිර්මාණශීලී බව වර්ධනය වෙනවා.
දරුවන්ට නිවැරදිව ඉගැන්විය යුත්තේ මේ කාලසීමාව තුළ නිසා එය දරුවා කැමැති වන පරිදි උපක්‍රමශීලීව, විවිධත්වයකින් යුතුව නිර්මාණශීලීව දරුවන්ට අවබෝධ කරදීමට ගුරුවරයා දක්ෂ විය යුතුයි.