කොඩියක් කියන්නේ සංකේතයක්. කොඩිය රැගෙන යන්නන් නියෝජනය කරන රට හෝ සංවිධානය එයින් සංකේතවත් කරනවා. තමන්ගේ අනන්‍යතාව හඳුන්වාදීමේ අරමුණින්. දඩයක්කරුවන් හා යුධ භටයන් මුලින්ම කොඩි රැගෙන යාම ඇරඹූ බව සැලකෙනවා. ඒ මෙයට වසර දහස් ගණනකට පෙරයි. පැරණි කොඩිය සකසා තිබුණේ කුරුළු පිහාටු හෝ සතුන්ගේ සම් උපයෝගී කරගෙන යැයි විශ්වාස කෙරෙනවා. රෙදිවලින් සකසන ලද මුල්ම කොඩිය ප්‍රයෝජනයට ගත්තේ චීන ජාතිකයන් හා නැගෙනහිර ඉන්දියානුවන් බවයි සැලකෙන්නේ. මුල් කාලයේ රෝම සොල්දාදුවන් ලීයක ගැට ගසන ලද විවිධ සත්ව අනුරූ කොඩි ලෙස රැගෙන ගියා. නමුත් ඔවුනුත් පසුව රෙදිවලින් සකසන ලද කොඩි ගෙන යන්නට පටන් ගත්තා. පසුව ක්‍රමයෙන් කොඩියේ රෙද්දේ විවිධ ලාංඡන සටහන් කෙරුණා. ඒ මුළු ලෝකයේම විවිධ රජ පවුල් නියෝජනය සඳහායි. වර්තමාන ලෝකයේ සෑම ජාතියකටම අනන්‍ය වූ ලාංඡන සහ වර්ධන සහිත ජාතික කොඩියක් තිබෙනවා. පැරණිම ජාතික කොඩිය ලෙස විශ්වාස කෙරෙන්නේ ක්‍රි.ව. 1219දී බිහි වූ ඩෙන්මාර්කයේ ජාතික කොඩියයි.
සේනානී ධර්මරත්න නැන්දා
Facebook comments for blogger brought to you by Walawa Creation , Get Yours?