ලැබූ නව වසරෙත් 5 පන්තියට අලුතින් ඇතුළත් වූ දරුවන්ගේ හීන සැබෑ කරගන්නට දරුවන්ට මව්පියන්ට වගේම ආදරණීය ගුරුවරුන්ටද පැවැරෙන්නේ විශාල කාර්යභාරයක්. පාසල් කාලය මෙන්ම බාහිර පන්ති කාල සීමාව තුළ දරුවන් ගත කරන කාලය ශිෂ්‍යත්වය ජය ගන්නට දරුවන්ට ඉතාම වැදගත් මේ කාලය තුළ ගුරුවරයාගේ කාර්යභාරය විය යුත්තේ පුංචි මනසට ආයාසයකින් තොරව සුන්දරව, සරලව අකුරු කිරීමය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැහැල්ලුවෙන් ජයගත හැකි අභියෝගාත්මක කඩඉමක්. ඒ සැහැල්ලුව දරුවන්ට ළඟා කිරීමට විශේෂ වගකීමක් ඇත්තේ ගුරුවරයාටයි. විශේෂයෙන් භාෂා දැනුම මෙන්ම ගණිතය පිළිබඳ දැනුම දරුවන්ට ලබාදීමේදී ගුරුවරයාට කළ හැකි ක්‍රියාකාරකම් බොහොමයක් තිබෙනවා.
ගුරුවරයා
ගුරුවරයා කළ යුත්තේ දරුවන්ට ඉගැන්වීම නොවේ. ඉගෙන ගැනීමට සැලැස්වීමයි. විශේෂයෙන් භාෂාව වැනි විෂයක් ඉගැන්වීමේදී දරුවන්ට එය සරල උපක්‍රම මගින් අවබෝධකරදීම ඉතා වැදගත්. භාෂාව ඉගෙන ගැනීම තුළ දරුවන්ගේ සිතීමේ ශක්තිය වර්ධනය වෙනවා. මේ නිසා ගණිතය වැනි අභියෝගාත්මක ගැටලු සැහැල්ලුවෙන් තේරුම් ගැනීමට අවශ්‍ය නිර්මාණශීලී බව වර්ධනය වෙනවා.
දරුවන්ට නිවැරදිව ඉගැන්විය යුත්තේ මේ කාලසීමාව තුළ නිසා එය දරුවා කැමැති වන පරිදි උපක්රමශීලීව, විවිධත්වයකින් යුතුව නිර්මාණශීලීව දරුවන්ට අවබෝධ කරදීමට ගුරුවරයා දක්ෂ විය යුතුයි.
බොහෝ වෙලාවට පන්ති කාමරයේදී පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හෝ ඒ හා සමාන ආකෘතීන්වලට පිළිතුරු සැපයීමට දරුවන් පෙළඹවීමට ගුරුවරයා කළ යුත්තේ භාෂාව නිවැරදි හා රසවත්ව කියාදීමයි. ඒ සඳහා ගුරුවරයාට පාසල් පොත මෙන්ම වෙනත් මුද්‍රිත මාධ්‍යයන් භාවිත කළ හැකිය. දරුවන් වඩාත් කැමැති කතාන්දර පොත් චිත්‍ර කතා පොත්, ළමා පිටු ගුරුවරයාට භාවිත කිරීමට පුළුවන් (පන්ති කාමරයේ ඇති දින දර්ශනය පවා භාවිත කළ හැකියි.) මේ නිසා දරුවන් පාඩම් ඉගෙන ගන්නවාට වඩා වැඩි කැමැත්තකින් වුවමනාවකින් ගුරුවරයා සමග සහයෝගයෙන් ඉගෙන ගනීමට උත්සාහ දරයි.
විශේෂයෙන් එදිනෙදා ජීවිතයේ ඇති වන අත්දැකීම් පින්තූර භාවිත කරමින් කතාන්දර නිර්මාණය කිරීමට දරුවන්ගේ අදහස් විමසීම තුළ භාෂා හැකියාවන් සරලව සාර්ථකව වර්ධනය කළ හැකියි.
පසුගිය කාල සීමාවන් තුළ 5 ශිෂ්යත්වව විභාගයෙන් සමත් වූ දරුවන් ලද ජයග්රහණයන්ට සුවිශේෂී ලෙස බලපා තිබෙන්නේ ඔවුන් තුළ තිබූ සාර්ථක ඉගෙනුම් ක්රියාවලීන්ය. ඔවුන් පාඩම් කටයුතු මෙන්ම ක්‍රීඩාව, විනෝදය, රසවින්දනය, නින්ද නිසි පරිදි කළමනාකරණය කරගෙන තිබීමයි. ඒ නිසා ගුරුවරයාගේද තවත් වගකීමක් වන්නේ දරුවන්ට අවශ්‍ය වෙලාවට විනෝදය, විවේකය ලබාදීමයි.
ගුරුවරයා දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන් අවධානය යොමු කරන්නේ නම් පන්ති කාමරයේ මෙන්ම විවේක කාලයේදී පවා ඔවුන් අකමැති නොවන පරිදි පාඩම් කාලයක් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස උපක්රමශීලීව ගොඩනගා ගත හැකිය.
විශේෂයෙන් පන්ති කාරමය මෙන්ම බාහිර පරිසරය විනෝද චාරිකා, වැඩසටහන් සංවිධානය කිරීම මගින් සරලව ප්‍රබෝධවත්ව දරුවන් නිර්මාණශීලී අධ්‍යාපනයකට යොමු කළ හැකිය.
ගුරුවරයා වශයෙන් ඔබ දන්නා උපරිමයෙන් ඉගැන්වීමට වඩා දරුවන් තුළ පවතින නිර්මාණශීලී කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ යමින් දැනුම සංවිධානය කිරීම වැදගත්. ඉගෙනුම් පරිසරය රළු අපහසුකාරී දෙයක් බවට පත් නොකර දරුවන්ට රඳවා ගත හකි අයුරින් ගොඩනගා ගැනීමට ගුරුවරයාගේ දක්ෂතාව ඉතා වැදගත් වේ.
හැකිතාක් සරල සිදුවීම්, සරල උපකරණ, සරල උදාහරණ දරුවාට කියාදීම ඔබට දරුවන්ට ඉගැන්වීම පහසු කරගත හැකි කාරණයකි. එමෙන්ම දරුවන්ට එ මතක සිටින පාඩමක්ද වනු නිසැකයි.
පන්ති කාමරය තුළ කරන ඉගැන්වීම හෝ ආකෘති ප්‍රශ්න පත්‍රය දරුවන්ට විභාගය සඳහා නොලැබේ. එහෙත් දරුවන්ට භාෂාව පිළිබඳ ලබාදෙන නිර්මාණාත්මක චින්තනය නිසා තම දැනුම ප්‍රශ්න පත්‍රය සඳහා භාවිත කිරීමට ලැබෙන්නේ ඉතා පහසුවක්. මේ නිසා ඉගැන්වීමට වඩා අවබෝධය ලබාදීම නිසා ඒක වඩා වැදගත් වෙනවා.
තවත් මතක් කළ යුතු කාරණයක් තමයි මේ දරුවන් වැඩි කාලයක් ක්‍රීඩාවට විනෝදයට ගත කිරීමට කැමැති වයස් සීමාව 1, 2, 3 වසරවලදී. ඒ සඳහා දරුවන්ට ලැබෙන කාලය 5 වසර තුළ එකවිටම නොලැබී යෑම, දරුවන් මානසිකව හා කායිකව දුර්වලතාවන්ට පත්වීමේ අවදානම ප්‍රබලයි. නමුත් ගුරුවරයා වශයෙන් ඔබ දරුවන්ට හැකි උපරිම කාලයක් වෙන්කරදීම වැදගත් වෙනවා.
විශේෂයෙන් දරුවන්ගේ මව්පියන් ඒ පිළිබඳ දැනුවත් කිරීම ගුරුවරයා පන්ති කාමරය තුළදී කරන නිර්මාණශීලී අධ්‍යාපනික උපක්‍රම හැකි අයුරින් නිවසේදී භාවිත කිරීමට මව්පියන් දැනුවත් කිරීමක් කළ හැකි නම් ගුරුවරයකු වශයෙන් ඉතාම වැදගත්. විශේෂයෙන් දරුවන් සමග කාලය ගත කිරීම, පාඩම් වැඩවලට උදව් කිරීම, ප්‍රමාණවත් නින්දක් ලබාදීමට සැලැස්වීම ආදී කරුණු පිළිබඳ මව්පියන් නිරන්තර දැනුවත් කිරීමද කළ හැක්කේ ඔබටයි.
විභාගය ළං වන විට මුලින් ඉගැන්වූ පාඩම් නැවත සරලව මතක් කරදීමත්, මනා කාලසටහනකට අනුව උපරිමය දරුවාගේ කායික මානසික පීඩනය අවමවන පරිදි සංවිධානය කර ගැනීමටද ඔබට හැකිනම් ගුරුවරයකු ලෙස ඔබේ වගකීම මෙන්ම දක්ෂතාවයද වේ. දරුවන් කැමැති පරිදි කතා විලාසය, මිත්‍රශීලී බව මෙන්ම මනා ඉවසීමෙන් යුතුව දරුවන්ට සවන්දීමත් ඉතා වැදගත්. මේ සියල්ල හමුවේ දැනුමෙන් මෙන්ම යාන්ත්‍රික නොවූ ගුණයහපත්කමින් යුතුව සංවේදී මනසකින් යුතු වූ දරුවකු නිර්මාණය කිරීමේ සුවිශාල වගකීම ඔබ සතුයි.
පිපෙන පුංචි ළමා ලෝකය දිනන්නට දරන මේ උත්සාහය අපහසුවෙන් විඳින දඬුවමක් නොකර සැහැල්ලුවෙන් දිනන්නට දිරිදීම ගුරුවරුන් මව්පියන් වන අප කාගේත් වගකීමකි.
සටහන - නිසංසලා යක්ගහවිට

ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ ශ්‍රීපාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්ය අධ්‍යාපනපති බන්දුල පී. දයාරත්න මහතා. |
Facebook comments for blogger brought to you by Walawa Creation , Get Yours?